2023 ජනවාරි 27, ප.ව. 2:57
අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වී ඇති නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් අද (27) උදෑසන 10.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මෙම පිරිස ශ්‍රී ලංකාවේ දින 04 ක කාළයක් ගත කිරීමට නියමිත අතර ඔවුන් අනුරාධපුරයේ පැවැත්වෙන මෙම උත්සවයෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාව වන්දනා කිරීමට ද සැළසුම් කර තිබෙනවා.
මෙම තායිලන්තය බෞද්ධ දූත පිරිස පිළිගැනීම සදහා අනුරාධපුර අටමස්ථානයේ දායක පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:07