hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 27, ප.ව. 5:13


කාදිනල් හිමිගේ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදු කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලීම සඳහා මැයි 19 වන දා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙවැනි ගැටලු සම්බන්ධයෙන් සොයා බලනු ලබන්නේ, ජාතික පොලිස් කොමිසම වන අතර එම කොමිසම මෙම පෙත්සමේ සාමාජිකයෙකු වශයෙන් නම් කර නැතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම අද (27) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රූකාන්ත අබේසූරිය මහතා අධිකරණයට දන්වා තිබෙනවා.

අදාළ පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර දී ඇති අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා මැයි 19 වන දා කැඳවන ලෙස නියම කර තිබෙනවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ‌පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත්තේ.