2023 ජනවාරි 29, ප.ව. 5:10
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (29) දහවල් ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අභවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.
වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍රවල දැවැන්තයෙකු වන කේ.බී. හේරත් මහතා මියයන විට 81 වන වියෙහි පසුවුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.