hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජනවාරි 31, පෙ.ව. 8:01



හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් විසින් එම හෝටලයේ වේටර්වරයෙකුට පහර දුන් පුවතක් වාර්තා වෙනවා.

මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණිය සහ මිතුරියන් පිරිසක් එදින හෝටලයේ රැඳී සිට ඇති අතර අදල තරුණිය විසින් ටික්ටොක් වීඩියෝවක් පටිගත කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී එතනින් ගිය හෝටලයේ වේටර්වරයෙකුට ඇය කතා කොට නර්තනයක යෙදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කොට ඇති අතර එම නිසා කෝප වි ඇති තරුණිය , වේටර්වරයාට පහර දීමට උත්සාහ කොට ඇති අතර ඔහුගේ අතේ තිබූ පරිප්පු දීසිය ඔහුගේ මුහුණේ හලා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආරවුල වැඩි දුර යන්නට නොදී සමථයකට පත්ව තිබෙනවා.