hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 30, පෙ.ව. 3:09



ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් අද (30) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඉදිරි පැය විසි හතර තුළ දිවයිනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් කරමින් හෙට (31) වනවිට නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 සිට 60 දක්වා වැඩිවිය හැකි අතර, ඉතා රළු හෝ තද හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.