hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජනවාරි 30, පෙ.ව. 11:15



සංගීත් විජේසූරිය ගැන ඔබට අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

ඔහු මේ වෙනකොට මාලිමාව වේදිකාවට ගොඩ වෙලා තියෙනවා.

ඉතින් එම වේදිකාවට ගොඩ වුණු සංගීත් මෙලෙස අදහස් දක්වා සිටියා,

“සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්න බෑ මේ කාලෙ. මං ඉස්කෝලේ යන කාලෙ ඉඳල මං ජෙප්පෙක්…ජේ වී පී කාරයෙක් මම. ඒ කියන්නේ වාමාංශික අදහස් වලට මම ගොඩක් ආදරෙයි. මං මෙහෙම ආවම කඩේ යනව කියල කියයි. කමක් නැහැ. මේ පක්ෂෙට කඩේ යනව කියන අය දේශපාලන බිස්නස් එකක් වෙනුවෙන් නෙමෙයි එහෙම කරන්නෙ.කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. මං නියෝජනය කරන්නෙ ටීම් එකක්. මං ආසයි ටීම් වර්ක් වලට මේ කණ්ඩායමත් එහෙම එකක්. සුදුස්සාට සුදුසු තැන දෙන්නම ඕනේ. පොලීසිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. බුදු දහම දේශපාලනීකරණය කරලා තියෙන්නෙ මේ යක්කු. අපේ ගම්වල අම්මලා තාත්තලාව දුප්පත් කමේම හිරකරලා හිර කරලා…
පව් අපේ අම්මලා තාත්තලව වහල්ලු කරලා ඒ වහල් බව ලක්ෂ ගණන් වලින්  වැඩි කරනවා ඡන්දයට. පුළුවන් තරම් ගම්වල ඔයාලගේ අම්මලා තාත්තලව දැනුවත් කරන්න අපි මේ රට වෙනස් කරගන්න හදන්න යන්නේ“

Example Image