2023 පෙබරවාරි 01, ප.ව. 12:36
විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර තිබෙනවා.
මේ පිළිබඳව තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබෙන අතර එක් පැමිණිල්ලකට අදාළ සැකකරුවෙකු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පතක්, රු 15,000ක් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කරන ලද ව්‍යාජ ටෝකන් පත් 9ක් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද (01) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06