hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 01, ප.ව. 1:21


නාමල්ගේ නඩුව ගැන තීන්දුවක් ගනී

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැ යි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට එරෙහි ව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූනි 21 වැනි දා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද (01) නියෝග කළා.

රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු ව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණීල්ලකට අනුව යි මෙහි විමර්ශන කටයුතු සිදු වුණේ.

මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කර ඇති අතර, එම කොට්ඨාසය පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වී අධිකරණයට කරුණු දැක්වූ බව සඳහන්.