hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 01, ප.ව. 4:19



දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ඊයේ (31) හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරයට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා නිවසට පැමිණ රෝගී තත්ත්වයෙන් පසු වූ සම්පන්දන් මහතාව පරීක්ෂා කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමට උපදෙස් දුන් බවයි වාර්තා වන්නේ.

90 වෙනි වියට පා තබමින් සිටින සම්පන්දන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසි වාර වලට සහභාගී වීමට නොහැකි බව දන්වා නිවාඩු ලබා ගෙන සිටිනවා.