hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 පෙබරවාරි 02, පෙ.ව. 5:00



75වන ජාතික නිදහස් දිනය හා එහි පෙරහුරු  පැවැත්වෙන බැවින් අද (02) සිට ලබන 04 වැනිදා දක්වා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ අනුව නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දෙනවා. 

මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම පෙරහුරු පැවැත්වෙන පළවෙනි දින, දෙවන දින සහ තුන්වන දින උදෑසන කාලසීමාවත්, එසේම 04 වැනිදා උත්සවය පැවැත්වෙන කාලසීමාවෙත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. 

මේ මාර්ගම භාවිත කිරීමට අපේක්ෂිත රියදුරන්, පැදිකරුවන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද දැනුම් දීමක් කරනු ලැබෙනවා. 

කොළඹ නගරය පුරාම අවශ්‍ය රථ වාහන නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති බැවින් අදාළ විකල්ප මාර්ගවල රථවාහන තදබදයක් ඇති නොවී ගමන් කිරීමේ හැකියාවක් පවතින බව ද සදහන් කෙරෙනවා.