hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 පෙබරවාරි 03, පෙ.ව. 5:13



75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය නිමිත්තෙන් පෙබරවාරි මස 4 කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව ගාලු පාර, බම්බලපිටිය, බාලදක්ෂ මාවත හංදියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස අද (03) පස්වරු 2.00 සිට හෙට (04) උත්සවය අවසන් වන තුරු වසා තැබෙනු ඇත.

බම්බලපිටිය දුම්රියපොළ හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදු මාවත කොටස මාර්ගය අද සවස 6.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා වසා තැබෙන බවත්, මාර්ග වසා තැබෙන එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට, කාර්යාලවල සේවක පිරිසට කිසිදු බාධාවක් නොවන පදිරි රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවත් පොලිස් මූලස්ථානය පැවසුවා.