hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2023 පෙබරවාරි 03, ප.ව. 8:07



කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට හෙට (4) පෙරවරු 11.00 දක්වා දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළඹ ගාලුමුවදොරදී හෙට දිනයේ පැවැත්වෙන නිදහස් දින උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

වෙරළබඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ජනතාව ඒ පිළිබඳව අවබෝදයෙන් හෙට දිනයේ කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.