2023 පෙබරවාරි 04, ප.ව. 6:25
හැත්තෑ පස්වන අභිමානවත් නිදහස් දින සමරු උත්සවය වෙනුවෙන් නිදහස් චතුරස්‍රයේ පිහිටි මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අද පෙරවරුවේ පැවැත්වුණා.
ඒ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.
එම අවස්ථාවේදී තනි පුද්ගලයකු විසින් ඔවුන්ට සිය විරෝධය පළ කරන ආකාරයක් දැකගත හැකි වුණා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05