hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 පෙබරවාරි 06, ප.ව. 7:34



මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික කමිල් හුසේන් (Kamil Hussain) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඊයේ (05) දිනයේ කෙන්යාවේ දි යි.

අභාවප්‍රාප්ත වන විට කමිල් හුසේන් මහතා කොළඹ 04 පිහිටා ඇති Synergy Ventures Pvt. Ltd හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

මෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අභාවප්‍රාප්ත වී ඇත්තේ නියුමෝනියා රෝගයට ගොදුරු ව ඊට ප්‍රතිකාර ලබමින් සිටියදියි.

කමිල්ගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝක ප්‍රකාශය නිකුත් කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳහන් කළේ, කමිල් හුසේන් යනු සැබෑ මිතුරෙකු, දේශප්‍රේමියෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙක් බවයි.

ඔහුගේ අභාවය හදවත කම්පා කරවන සුළු පණිවිඩයක් බවත් විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්.