2023 පෙබරවාරි 06, ප.ව. 7:36
ගෑස් මිල ඉහළ දැමීම හේතු කොට ගෙන කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, අල, ළූණු, පරිප්පු, පාන් පිටි සහ සීනි යන භාණ්ඩවල මිල වෙළෙඳපොළේ අඩු මිලකට ලබා ගත හැකි බවයි.
එබැවින් පාරිභෝගිකයාගේ යහපත වෙනුවෙන් අහාරවල මිල ඉහළ නොදමන බවයි අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ.
“මේ වෙලාවේ සියලු ම ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ගෑස් මිල වැඩි වීම තුළ කිසිදු ආහාර පානයක මිල වැඩි කරන්න එපා. විදුලි බිල නම් වැඩිකළොත් අපිට අනිවාර්යයෙන් ම ඒ වැඩි කරන ගානට සාපේක්ෂව වැඩි කරන්න වෙනවා. ප්ලේන්ටියේ ඉඳලා. මොකද ප්ලේන්ටිය පවා හදන්නේ කරනට් එකෙන්.”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08