hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 07, පෙ.ව. 6:18



බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට ලක්ව ඇත්තේ මොට ආයුධයකින් හිසට සිදුකළ පහරදීමකින් පසුව බව වෛද්‍ය වාර්තා අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සහ මෙම ව්‍යාපාරිකයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම පහරදීම සිදුව ඇති බව ඔහු පැවසුවා.

පහරදීමේදී මෙම ව්‍යාපාරිකයා පිහිනුම් තටාකයට වැටී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.