2023 පෙබරවාරි 07, ප.ව. 4:19
75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින තොරතුරු සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය පවසනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය පෙන්නුම් කරන බවයි.
මෙම සැමරුම් උත්සවය සඳහා ආරාධිත ඉහළ පෙළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් වන ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂන්සුකේ (Takei Shunsuke), භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජාබි බීර් රායි (Jai Bir Rai), මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුලිලා ෂහීඩ් (Abdulla Shahid), බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් (A.K. Abdulla Momen), පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි ඛා(ර්) (Hina Rabbani Khar), ඉන්දියානු විදේශ කටයුතු රාජය අමාත්‍ය වී. මුරලිදරන් (V. Muraleedharan), නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්යාල් (Bimala Rai Paudyal), පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් ප්‍රැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) යන මහත්ම මහත්මීන් සහභාගී වූ බව කිසිදු මාධ්‍යයකින් ආවරණය නොකළ බව ද එහි සඳහන් කර තිබෙනවා.
නිවේදනයේ දැක්වෙන්නේ, විදෙස් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් 3200ක් පමණ මෙන් ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 6670ක් උත්සවය සඳහා එක්ව සිටි බවයි.
නිදහස් දින සැමරුම් උළෙලේ පෙර පුහුණුවීම්වල නිරත පිරිස් සඳහා ද ජංගම වැසිකිළි පහසුකම් සපයා තිබුණු අතර, එවැනි පසුබිමක දහස් සංඛ්‍යාත පිරිසක් රැස්වන උත්සවයක සෞඛ්යාරක්ෂිත බව නිසි ලෙස තහවුරු කිරීමේ පියවරක් ලෙස ප්‍රමාණවත් පරිදි ජංගම වැසිකිළි පහසුකම් සැපයීම වෙනුවෙන් වැය බරක් දැරීම කිසිසේත් ම අනවශ්‍ය වියදමක් ලෙස දැක්විය නොහැකි බව නිවේදනයේ දැක්වෙනවා.
අතිවිශාල පිරිසක් රැස්වන නිල රාජ්‍ය උත්සවයක එවැනි අංශයක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම රට ම අපකීර්තියට පත්වන්නක් බව ද එහි දැක්වෙනවා.
එසේ ම මෙම උත්සවය සඳහා රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින් ම සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය පවසනවා.
මෙම උත්සවය සඳහා වන මූලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගත කරනු ලැබ තිබුණ ද එම කිසිදු මුදලක් වැය කර නැතැයි එහි සඳහන් වෙනවා.
තව ද ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය වෙනුවෙන් ද ප්‍රතිපාදන වෙන් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙවර පැවති 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා වැය කරනු ලැබුවේ ඇස්තමේන්තුගත මුදලට වඩා ඉතා ම අඩු මුදලක් බවත්, ඒ අනුව මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණක් බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.
එමෙන් ම මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බව ද ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩඑමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු පැහැදිලිව යළි නැඟී සිටීමට රට සූදානම් කිරීමකි. අනෙක් අතට යළි නැගී සිටීම සඳහා අවශ්‍ය ධෛර්යය බිඳුවකින් අඩුවක් නොමැතිව ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙන බවත්, අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කර ගන්නට ඇති සූදානම පිළිබඳ පණිවිඩය ලෝකය හමුවේ තැබීමක් ද වෙයි.
එබැවින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික නිදහස් සැමරුම වැනි අභිමානවත් රාජ්‍ය උත්සවයක් සම්බන්ධයෙන් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රචාර ජනාධිපති කාර්යාලය ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි,” යනුවෙන් ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08