hit counter

2024 ජූනි මස 11 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 07, ප.ව. 7:11


හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

නිල වශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව යළිත් ඉහළ යාමත් සමග තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්දෝවන් ප්‍රකාශ කර ඇත්තේ, තුර්කියේ පමණක් තහවුරු වූ මරණ සංඛ්‍යාව 3,549 දක්වා ඉහළ ගොස් ඇති අතර එය තවත් 130කින් ඉහළ ගොස් ඇති බවයි.

භූමිකම්පාවෙන් ආපදාවට ලක්වූ කලාපය තුළ නගර 10ක් ඇති බව ත්, ලොව පුරා රටවල් 70කින් තම රජයට ආධාර ලබා දී ඇති බව ත් ඔහු සඳහන් කර තිබෙනවා.

නිවාස අහිමි වූවන් සඳහා හදිසි නවාතැන් ලෙස ඇන්ටාලියා නගරයේ හෝටල් භාවිත කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් මිලියන 13ක් පීඩාවට පත් වී ඇති බව ත් 5,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට මිය ගොස් ඇති බව ත් ය.