hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 08, ප.ව. 1:28



දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට අදාල නව ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කළා.

ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර මෙම ගිවිසුම අත්සන් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක හරිත වර්ධක ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්‍‍ගේ හිටපු මහ‍ ලේකම් බෑන් කී මූන් මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ මහතා ද ලෝක හරිත වර්ධක ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් (Frank Rijsberman) මහතා ද ගිවිසුමට අත්සන් කළා.