hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 08, ප.ව. 5:04


උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව ගැන පෙත්සමට අද ලැබුණු නියෝගය

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද යන තීරණය මේ මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය සහ පෙත්සමින් ඉල්ලා තිබෙන විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගය පිළිබඳ තීරණය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.