hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 09, පෙ.ව. 11:10



13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසට ආණ්ඩුවට බල කරමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව ඊයේ විරෝධතා පාගමනක නිරත වුණා.

එය ආරම්භ කෙරුණේ ඇතුල්කෝට්ටේ – පැරකුම්බා පිරිවෙන ඉදිරිපිටින්.

ඊට එක්ව සිටි භික්ෂුන් වහන්සේ පාගමනින් පැමිණියේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගමන් කිරීම සඳහායි.

මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්, මිහින්තලේ විහාරාධිකාරි වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ඇතුළු මහාසංඝරත්නය මෙම අවස්ථාවට එක්ව සිටියා.

එහිදි පොලිසිය පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධිය අසලින් පාගමන වැළැක්වීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ආරක්ෂක රැකවල් බිඳ දමමින් භික්ෂුන් වහන්සේ පිරිසක් එම ස්ථානයෙන් ඉදිරියට ගමන් කිරීමත් සමග ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.