hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 09, ප.ව. 2:40


සරසවි සිසුන් පුරහල දෙසට

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පාගමනක් ආරම්භ කර තිබෙනවා.

එම සිසුන් කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටින් ආරම්භ කළ පාගමන මේ වන විට කොළඹ පුරහල දෙසට ගමන් කරමින් සිටිනවා.

මාස ගණනක් ප්‍රමාද කළ මහපොළ ලබාදෙන ලෙසත්, ඉහළ දැමූ නේවාසික ගාස්තු අඩු කරන ලෙස සහ නේවාසික පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා මෙම පාගමන ආරම්භ කර ඇත්තේ.