hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 09, ප.ව. 7:37



උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම විභාගයට ගන්නේ ද, නැද්ද යන්න පිළිබඳ අවසන් නියෝගය හෙට (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ (08) දිනයේ මෙම රිට් පෙත්සම සලකා බැලීම සිදු කරනු ලැබූ අවස්ථාවේදී සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මේ බව දැනුම් දුන්නා.