2023 පෙබරවාරි 10, පෙ.ව. 6:22
කඩුවෙල මහ නගර සභාවේ ලිපි ලේඛන තොගයක් කොතලාවල ගැමුණුපුර ආදාහනාගාර භූමියට ගෙනැවිත් පුලුස්සා දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කඩුවෙල නාගරික මන්ත්‍රි අසිත නිරෝෂණ මහතා චෝදනා කරනවා.
මෙම ලිපි ද්‍රව්‍ය තොගය ලොරි රථ දෙකකින් ආදාහනාගාර භූමියට ගෙනැවිත් ඇති බව ඔහු සඳහන් කළා.
මෙය සම්පූර්ණයෙන් අනීතික ක්‍රියාවක් බවද, මෙම ලිපි ලේඛනවල පිලිස්සී නොගිය ඉතිරි කොටස් පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නේ මේවා 2022, 2020 වැනි මෑත ලේඛන බව යැයිද නාගරික මන්ත්‍රිවරයා පැවැසුවා.
මේ පිළිබඳව කඩුවෙල නාගරික කොමසාරිස්වරියගෙන් විමසූ විට ඇය පැවැසුවේ එවැනි කිසිදු සිදුවීමක් වී නැති බවයි.
මෙවැනි රාජ්‍ය ආයතනයක ලිපි ද්‍රව්‍ය විනාශ කිරීම සිදුවිය යුත්තේ වසර දහයක්වත් පැරණි වූ පසුවයි.
එයද ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අවසරයකින් අනතුරුවයි.
2026 සැප්තැම්බර් 24, ප.ව. 5:07
2026 සැප්තැම්බර් 24, ප.ව. 4:49
2026 සැප්තැම්බර් 24, ප.ව. 2:53
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:17