hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 09, ප.ව. 3:58


රට පුරා විරෝධතා – ගාලු මුවදොරට ජන ගඟක්

ගාලුමුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මේ වන විට විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරුවෝ පවසයි.

කොල්ලුපිටිය දෙසින් ඉතා විශාල පිරිසක් එම විරෝධාතවට එක් වීම සඳහා පැමිණෙමින් සිටින බව ද වාර්තා වෙනවා. 

භික්ෂූන්  වහන්සේ ඇතුළු ආගමික නායකයන් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඇතුළු පරිස් එම ස්ථානයට පැමිණෙමින් සිටිනවා. 

මේ අතර නිර්පාක්ෂික විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින් දිවයිනේ ප්‍රදේශ රැසක පිරිස් විරෝධතා දක්වනවා.