2023 පෙබරවාරි 10, ප.ව. 7:41
            
මඩොල්සිම නගරයේ ඊයේ (09) උදේ පැවති සමඟි ජන බලවේගයේ ජන හමුවට නායක සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණීම නිසා පැමිණ සිටි පාක්ෂිකයන් විරෝධය පාමින් කලහකාරි ලෙස හැසිරීමත් සමඟ පොලිසිය මැදිහත්ව පිරිස විසුරුවාහැර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය පිළිබඳ පස්සර, ලුණුගල සහ මඩොල්සිම ජනතාව දැනුම්වත් කිරීමේ ජනහමුවක් මඩොල්සිම නගරයේදී මෙලෙස සංවිධානය කර තිබූ අතර, එම රැලියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, වඩිවේල් සුරේෂ් ඇතුළු පාර්ලිමේන්තු හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීහු ජනහමුව ඇමතූවා.
මෙහිදී පැමිණ සිටි විශාල පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන තෙක් මඟ බලා සිටියත් අවසානය වන තෙක් ඔහු නොපැමිණීම නිසා කුපිත වී කෑකෝ ගසමින් කලහකාරි ලෙස හැසිරුණා.
ජනහමුව අවසන් වීමෙන් පසු නගරයේ මත්පැන් හල් දෙකක් වසාදමා කලහකාරි ලෙස හැසිරෙමින් සිටි ජනතාව විසුරුවා හැරීමටයි පොලිසිය කටයුතු කළේ.


                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18