hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 13, පෙ.ව. 8:09


දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි

අද (13) දිනයේදී කාර්යාල දුම්රිය 5ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කර තිබෙනවා.

රියදුරන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට හේතු වී ඇති බව සඳහන්.

ඒ අනුව පොල්ගහවෙල – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්, මහව – කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන – කොළඹ කොටුව සහ කුරුණෑගල – කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් ද, මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව – මරදාන , අලුත්ගම -මරදාන සහ කළුතර – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් අවලංගු වුණා.

මීට අමතරව පුත්තලම මාර්ගයේ හලාවත – කොළඹ දක්වා ධාවනය විමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු වූ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිකොලගේ කියා සිටියේ.