hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 16, ප.ව. 3:44


කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ගොනුකර තිබු විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 6 වන දින තෙක් යළි දීර්ඝ කර තිබෙනවා.

රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා ට එරෙහිව මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවේ දී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල විසින් එම නියෝගය නිකුත් කළා.

මේ සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මමහතා වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අප්‍රේල් මස 6 වන දිනයේ දී නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝගය කර තිබෙනවා.