hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 21, පෙ.ව. 10:20


මැතිසබේ අලුත්ම තත්වය! කතානායක වට කරමින් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයේ

වහා මැතිවරණයක් පවත්වන්න යැයි කියමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු මැති සමයේ දී උද්ඝෝෂණයක් ආරම්භ කළා.

“දියව් දියව් ඡන්දෙ දියව්” කියමින් කෑ ගසමින් ඔවුහු උද්ඝෝෂණය කළා.

මැතිසබේ ආසන වලින් නැගිට සටන් සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණය කරන ආකාරය දැක ගත හැකියි.

ඒ අතර කතානායකවරයාගේ ආසනයට ඉදිරියේ සිට සටන් පාඨ පුවරු රැගෙන විරෝධයේ නිරත වුණා.