hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 22, ප.ව. 3:23


සිරිධම්ම හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

එස්. තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගල්වැව සිරිධම්ම හිමියන් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.