2023 පෙබරවාරි 23, පෙ.ව. 11:13
            
විදුලි ගාස්තු වැඩි කළේ ඉංජිනේරුවන්ට බෝනස් දීමට නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසුවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද අතිකාල දීමනා කප්පාදු කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කර සිටියා.
“අවුරුද්දක් තිස්සේ තිබුණු විදුලි කප්පාදුව නතර කළා. අපිට අමතර මුදල් සහනාධාර වශයෙන් දෙන්නෙ නැහැ. වියදමට සරිලන ආදායමක් ලබා ගත යුතුයි. ගාස්තු සංශෝධනය දුන්නට පස්සේ අපිට ණය ගන්න පුළුවන් වුණා. ප්‍රධාන බැංකු අවශ්‍ය මුදල් ටික ලබා දුන්නා. ඒ අනුව දැවි තෙල් ටික මිලදී ගත්තා. මේ රටේ අඛණ්ඩව විදුලිය දෙන්න බැරිනම් සමහරු කැමතියි. ඉංජිනේරු සංගමය බෝනස් ඉල්ලනවා. අතිකාල දීමනා ඉල්ලනවා.එහෙම දුන්නෙ නැති වුණාම පාරට බහිනවා කියනවා. විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට ප්‍රසාද දීමනා, වරප්‍රසාද දුන්න නොවෙයි. අපේ වියදම පියවා ගන්න. මණ්ඩලයේ පාඩුව ජනතාව මත පටවන්න බැහැ.”
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18