2023 පෙබරවාරි 23, පෙ.ව. 11:17
මැතිවරණය කල් දමා නොමැති බවත් කල් දැමීමට මැතිවරණයක් නොමැති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවැසුවා.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදීයි.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද අදහස් දක්වා සිටියා,
“විවාදයක් ඕන නම් විවාදයක් දෙන්නම්. විවාදය ඉල්ලුවේ අත්‍යාවශ්‍ය සේවා ගැන නෙමෙයි. විවාදය ඉල්ලුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දෙ කල් දාලා නෑ. කල් දාන්න ඡන්දයක් නෑ. (ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හිනා) මම මෙයට මැදිහත් වෙන්නේ නෑ මොකද දේශපාලනය කරන්නේ නැති නිසා. විශේෂයෙන්ම අද මැතිවරණ කොමිෂම උසාවියට ගිහින් කියනවලු ඡන්දය පවත්වන්න බෑ කියලා. මේ රටේ ආර්ථික තත්ත්වය හා ඡන්දය පවත්වන්න මුදල් නෑ කියලා මම කිව්වා. සභිකයන් සංඛ්‍යාව 5000ට අඩු කරමු කියලා මම මැතිවරණ කොමිෂමට කිව්වා”
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18