hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 23, ප.ව. 4:52



77 න් පසු ලංකාවේ දේශපාලනය වලත්තයින් අතට පත් වූ බව ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චී මහතා පැවසුවා.

ජාතික ජන බල වේගය මඟින් පවත්වන ලද දේශපාලන රැළියකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා.

“නිල් රතු කොළ ඔක්කොම මම දැක්කා මගේ ළමා වියේ සිට මේ දකවා. 1965 ඉදළ සියළුම ලස්කිරිඤ්ඤන් සමඟ වැඩ කරල තියෙනවා. මං කියන්නේ ලස්කිරිඤ්ඤයෝ කියලා ඒ ගොල්ලොන්ට. ප්‍රභූ.. මොන ප්‍රභූද? වෙන්ඩ ප්‍රභූලා. සොක්කන් ලොක්කන් පොත කියවන්න. එතකොට ඔය ප්‍රභූවරුන්ගේ පැටිකිරිය පෙනේවි. මිනිගම්දෑලේ හිටපු අප්පුහාමිලා තමයි ඔය. කෝට්ටේ යුගයේ හිටපු නීලප්පෙ, අරට්ටකී පෙන්ටු පෙරුමාල්ලා එක කාලයක් නීලප් පෙරුමාල්ගේ මුණුඹුරා තමයි මේ රටේ ආගම භාෂාව පාවිච්චි කරලා දේශපාලනේ බලය අල්ල ගත්තෙ. හොයලා බලන්න ඉතිහාසය. අක්කර දහස් ගනං තිබුණු ඒවා අක්කර පනස් ගණං වලට බැස්සේ මොකද? 71 නිසා. 1972 වෙනම්කම් තිබුණේ මහ රැජිණගේ රාජ්‍යයේ.  

ත්‍රස්තවාදීන් කියනවා කඩප්පුලිලු. 77 වෙනකම් අවුරුදු 30ක් හොරගොල්ල වලව්වෙන් බෝතලේ වලව්වට, බෝතලේ වලව්වෙන් හොරගොල්ල වලව්වට තමයි ඔටුන්න මාරු වුණේ. අගමැතිකම. 77 වලව්වල තිබිච්ච ඔටුන්න වතු වලට ගියා. මොකක්ද වත්ත? සේද වත්තේ ජයවර්ධනලයි, කෙසෙල්වත්තේ ප්‍රේමදාසලටයි. අන්න දේශපාලන ශිෂ්ඨාචාරයේ කණපිට ගහපු තැන. ඒවයෙ චේන් කඩාපු එවුන් හිටියේ නෑ යූන්පී එකේ ශ්‍රී ලංකා එකේ. කෙහෙල්වත්තට ගියා විතරයි සොත්ති උපාලිත් යූඑන්පී එකේ කෘත්‍යාධිකාරී සභිකයෙක්. 77 න් පස්සෙ තමයි ලංකාවේ දේශපාලනය වලත්තයින් අතට පත් වුණේ. යූඑන්පී එකේ ලුම්බනයිස් වීම තමයි අද සජබෙ ගිහිල්ලා තියෙන්නෙ. ශ්‍රී ලංකා එකේ ලුම්බනයිස් පාදඩ වෙච්ච එක තමයි අද පොහොට්ටුවෙ ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ හැම නගරෙකම ජාතික ජන බලවේගය ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. යුරෝපයෙ, අරාබියේ ක්‍රියාත්මක වෙනවා. ලෝකේ තියෙන මුළු මහද්වීප පහම ජාතික ජන බලවේගය ක්‍රියාත්මක වෙනවා.”