hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 24, පෙ.ව. 9:55



ඉසුරුපාය ඇතුළට ගොස් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසගේ සුවදුක් විමසීම සදහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ රාත්‍රියේදී තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණ සිටියා.

මෙහිදී පොලිසිය තුළද යම් උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් පිරිස බැලීමට අවස්ථාවක් ඉල්ලා සිටියද එහි සිටි නිලධාරීන් සඳහන් කළේ එහි යාමට අවසර ලබා දිය නොහැකි බවටයි.

එවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ සඳහන් කළා ” තලංගම OICව මම ගිහින් අරන් එන්නද කුවාටර්ස් එකේ නිදිද? කෝ එයා? ඇයි OIC එන්නේ නැත්තේ? කොහෙද එයා ඉන්නේ කියන්න මම හොයා ගන්නම්.”