hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 24, ප.ව. 1:34


ශෂී වීරවංශගෙන් අධිකරණයට වෛද්‍ය වාර්තාවක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට ඒ බව දැනුම්දී තිබෙනවා.

ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශකර ඇති බවට වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියම කළා.