2023 පෙබරවාරි 25, පෙ.ව. 7:06
            
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීමේ කටයුතු මෙම සතියේම කඩිනමින් නිම කිරීමට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු යොදා තිබෙනවා.
පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවීම හේතුවෙන් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි වන බැවින් වෙනත් පිරිසක් පත් කර යැවීමට පක්ෂය සැලසුම් කර ඇත. පළාත් පාලන ආයතනවල සභාපතිවරු, නගරාධිපතිවරු ද මේ පිරිස අතර සිටින බැවින් පක්ෂය තෝරාගත් පුද්ගලයන් ඒ වෙනුවෙන් පත් කිරීමට නියමිතයි.
ඊට අදාලව කඩිනමින් සම්මුඛ පරික්ෂණ පවත්වා සුදුසු පුද්ගලයන් තෝරාගෙන පුරප්පාඩු වූ තරනතුරු වෙනුවෙන් පත් කිරීමට ද පක්ෂය තීරණය කර තිබෙනවා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18