hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 පෙබරවාරි 28, පෙ.ව. 4:06



සමගි ජන බලවේගයේ වේදිකාවට නැග්ග නමුත්, තමා කිසිදා ඡන්දය ඉල්ලන්නේ නැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසුවා.

ජනතා විමුක්ති පෙරමුණෙන් මඩ ගැසුවාට තමා නොවැටෙන බවද ඇය සඳහන් කළා.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,

‘‘අරගලයෙදී මම දේශපාලන පක්ෂයකට උදව් කළේ නෑ. දැන් ජවිපෙ කියන්නේ අපි පෙර වැරැදි හදාගෙන එනවා කියලා. මම ඡන්දය දීලා නැත්තේ රාජපක්ෂවරුන්ට විතරයි. ජවිපෙ මඩ ගැහුවා කියලා මම වැටෙන්නේ නෑ. මඩ ගහන්නේ, ගල් ගහන්නේ පල ඇති රුකටනේ. තීන්දු තීරණ ගන්න මට අයිතියක් තියෙනවා.’’