hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 28, පෙ.ව. 11:15


පානදුරේ වෙඩි තැබීමක්

පානදුර පිංවත්ත ටිඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පින්වත්ත පොලිසිය පවසනවා.

සුඛෝපභෝගී ජීප් රථයකින් ගාලු පාර දෙස සිට මුහුදුබඩ මාර්ගය දෙසට ගමන්කර ඇති ජීප් රථය යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කල ව්‍යාපාරිකයා රියදුරු අසුනේම මියගොස් සිට ඇති අයුරු දැකගත හැකි වූ බව වාර්තා වෙනවා.