hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 02, පෙ.ව. 6:11

88, 89 සමයේ වෙඩි තබා ඝාතනය කළ අඹු සැමි යුවළක් අතරින් මියගිය කාන්තාවගේ පෙර භවය කියමින් සිටි වයස අවුරුදු දෙකහමාරක තම දියණිය බිරිය සමඟ අතුරුදන් වී ඇති බවත්, ඔවුන් සොයා දෙන ලෙසත් කියමින් දඹුල්ල රත්මල්ගහඇළ ප්‍රදේශයේ එක් දරු පියකු වන ඒ.ජී. අජිත් ප්‍රියන්ත ජයසුන්දර නමැත්තා දඹුල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඔහු කියා ඇත්තේ මීට දින දහයකට පමණ ඉහත සිට තම බිරිය සහ දියණිය නිවෙසේ සිට අතුරුදන්ව ඇති බවයි.

ඥාතීන් සහ බිරිය ආ ගිය ස්ථාන සියල්ල පිළිබඳව සොයා බැලුවද මෙතෙක් ඔවුන් සොයා ගැනීමට නොහැකි වූ බව ද හෙතෙම කියා සිටියා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධර්මලිංගම් තිරෙශනී නමැති කාන්තාවක් හා ඇගේ අවුරුදු දෙකහමාරක දියණියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ 88, 89 කාලයේදී පළමුව තම පියා නිවෙස තුළම වෙඩි තබා ඝාතනය කළ බවයි.

පසුව මාස කිහිපයක් ගත වෙද්දී ඒ ආකාරයෙන්ම නිවෙසේ සිට එළියට රැගෙන ගොස් අතපය ගැටගසා කට රෙදි කැබලිවලින් ඔතා තම මවට ද වෙඩි තබා ඝාතනය කළ බවත්, එදා සිට තමන් ඇතුළු සහෝදරයන් තිදෙනා තම මිත්තණියගේ සෙවණේ වැඩුණු බවත් ඔහු කියා සිටියා.

තමන් විවාහ වී ලද පළමු දියණිය වයස අවුරුදු 2ක් පමණ ගත වෙද්දි මිය ගිය තම මවගේ පුනරුත්පත්තිය කියන්නට පටන් ගත් බවත්, ඇයට වෙඩි තැබූ ආකාරය, රැගෙන ගිය ආකාරය සහ වෙඩි වැදුණු ස්ථානයත් වෙඩි තැබූ අයගේ නම් ගම් ද සියල්ල ඇය ප්‍රකාශ කරන්නට වූ බවත් හෙතෙම කියා ස්ටියා.

මෙම ප්‍රකාශ නිසා තමන් දියණිය දැඩි ලෙස ආරක්ෂා කරමින් සිටි බවත්, එවැනි වකවානුවක තම බිරිය විසින් කාගේ හෝ අවශ්‍යතාවයකට දියණිය රැගෙන කොහේ හෝ සැඟව ඇති බවට සැක කරන බවත් ඔහු සඳහන් කර සිටියා.

තමන්ට කෙසේ හෝ දියණිය සොයා දෙන්නැයි ඔහු ඉල්ලීමක් ද කළා.