hit counter

2025 දෙසැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2023 මාර්තු 03, ප.ව. 4:46


ඡන්ද දිනය තීරණය කිරීම තවත් සතියකින් කල්යයි

පළාත් පාලන මැතිවරණයේ සංශෝධිත දිනය දැනුම්දීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වුව ද ඒ පිළිබඳව තීරණයක් ගැනීම ලබන සතිය දක්වා කල් දමා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසනවා.

මේ අතර පාර්ලිමේන්තුව සම්මත කළ අයවැයෙන් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට තහනම් නියෝගයක් නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාල නියෝගය ලබා දී තිබෙනවා.