hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 මාර්තු 05, පෙ.ව. 12:05



මේ වසර මැදදී අගමැතිධුරයේ වෙනසක් විය හැකි බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි අගමැතිධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරු රැසක් සූදානම් බව හිටපු රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර තිබුණා.

ඒ සමඟම අගමැතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය අසත්‍යක් බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති මන්ත්‍රී නාම ලේඛනයේ නම් සඳහන් මන්ත්‍රිවරුන්ට ඇමැතිධුර ගැනීමට අගමැතිවරයාගේ මැදිහත් වීමද ප්‍රමාණවත් නොවීම නිසා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පැවසෙනවා. 

මන්ත්‍රිවරු අගමැතිවරයාට දෝෂා රෝපණ එල්ල කරමින් ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැතිධුරයට පත් කිරීම හැර විකල්පයක් නොමැති බවයි.