hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 මාර්තු 06, ප.ව. 3:36


කොළඹට එන රියදුරන්ට දැනුම්දීමක්

කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුලදස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත මාර්ග භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා.

එම විහාරස්ථානයේ වාර්ෂික දසපාරමිතා පෙරහැර අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.

පෙරහැර බෞද්ධලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර බොරැල්ල හන්දිය, මරදාන පාර බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී එම මාර්ගයේම විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් පෙරහර ගමන් ගන්නා මාර්ග භාවිත කිරීමේදී වාහන තදබදයක් ඇති වියහැකි බැවින් එම අපහසුතා මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම්දෙනවා.