hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 07, පෙ.ව. 8:51


හරක් කටා අත්අඩංගුවට

විදෙස් ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක් කටා සහ කුඩු සලිඳු නමැති අපරාධකරුවන් දෙදෙනා ඇතුළු හත් දෙනෙකු මැඩගස්කර් ගුවන් තොටුපළේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා අතර කාන්තාවක්ද සිටින බවත් අනෙක් පුද්ගලයන්ද විවිධ අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටිනවා.

මේ අතරින් තිදෙනකු පානදුර දී ගිලන් රථ රියැදුරකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ ඊට සම්බන්ධ වූ අය බවට ද හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් විනෝදාස්වාදය සඳහා මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ ගුවන් තොටුපළට පැමිණ සිටියදී එරට ආගමන විගමන නිලධාරීන්ට හසුව තිබෙනවා.