hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 07, පෙ.ව. 9:53


පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

මුදල්  කාරක සභාවේ සභාපති ධූරය තාවකාලිකව වජිර අබේවර්ධන මහතාට ලබා දී ඇතැයිද එය ස්ථාවර නියෝග වලට පටහැනි යැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීම නිසා සභාව නොසන්සුන් වුණා.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කීවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය ඕනෑම මන්ත්‍රීවරයකුට දැරීමට හැකියාව තිබෙන බවයි.

මයන්ත දිසානායක මහතා මුදල් කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් කර ඇත්තේ සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා බව ද මනුෂ නානායක්කාර මහතා සඳහන් කළා.