2023 මාර්තු 07, පෙ.ව. 10:22
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කිරීමට චීනය එකඟතාවය දක්වා තිබෙනවා.
මෙම එකගතාවය පිළිබඳව ජාත්‍යන්තර අරමුදලට සහ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ඇති කර ගන්නා ලද ද්වීපාර්ශික ගිවිසුම් වලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ලබාගෙන ඇති අතර ජපානය සහ ඉන්දියාව යන රටවලින් ද ණය ලබාගෙන තිබුණා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන වැඩපිළිවෙළනුමත කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් ජනතාව දැනුවත් කරනු ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළා.