2023 මාර්තු 07, පෙ.ව. 11:45
විරෝධතා හා උද්ඝෝෂණ මාර්ගයෙන් ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමට යන ගමන් මග කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නේ නම් ඒවාට එරෙහිව ආණ්ඩුව තදින් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියා.
ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අද පිළිබදව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම මාර්තු මස අගවන විට ලැබෙනු ඇතැයි වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළා.
“මේ රටේ ජනතාව විඳින අපහසුකම් මම දන්නවා. ඒ ගැන විශේෂයෙන්ම මම ආණ්ඩුව විදියට අපි සමාව ඉල්ලනවා. නමුත් ඒ නිසා අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. රාත්‍රියේම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරලා දැන් IMF සංවිධානයට යවලා තියෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටුකරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම මේ මාසය අවසන් වීමට පෙර තුන්වන හෝ හතරවන සතියේ ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පස්සේ අපිට ලෝක බැංකුවෙන් පළමු මුදල් වටය ලැබෙන්න එනවා.”
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18