2023 මාර්තු 08, පෙ.ව. 11:51
කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.
කෘෂිකර්මය පිළිබඳ උපදේශක කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.
දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉදි කිරීම් සදහා විශාල වශයෙන් කුඹුරු ඉඩම් ගොඩ කෙරෙමින් පවතින බවත් ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහයෝගය පළ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්නා.
එම කරුණු සලකා බලමින් කුඹුරු ගොඩ කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කර එම වාර්තාව ලබා ගන්නා තෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම තාවකාලිකව අත් හිටුවීමට මේ අනුව පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවා.
මෙම තහනම සෝජාන් ක්‍රමය වැනි වගා කටයුතු සඳහා අදාල නොවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36