hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2023 මාර්තු 08, ප.ව. 7:38



අද (08) කොළඹ විශ්ව විද්‍යාලය අසළ පැවති සරසවි විරෝධතාවය අතරතුර පාසල් නිමවී නිවෙස් බලා යමින් සිටි ඒ ආසන්න රාජකීය විදුහලේ සිසුන්ද විරෝධතාවයට තමන් සිටි තැන්වල සිට සහය දක්වා තිබුණා.

එක් පාසල් වෑන් රථයක ගමන් කළ පෙනුමෙන් 8 හෝ 9 පන්තියේ සිසුවෙකු වහාම තමන් අත තිබුණ කොළ කැබැල්ලක ‘අරගලයට ජයවේවා‘ යයි සටහන් කර එය කැමරා කණ්ඩායම් වෙත පෙනෙන්ට සලස්වා තම විරෝධය පෙන්නුම් කළා.

ඊයේ (07) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් වළක්වමින් පොලිසිය සිදුකළ ප්‍රහාරයට විරෝධය පෑමට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමය අද (08) විරෝධය සංවිධානය කර තිබුණා.

මෙම විරෝධතාවද පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර මර්දනය කළා.