hit counter

2026 ජූනි මස 14 වන ඉරිදා

2023 මාර්තු 11, පෙ.ව. 10:42



ලියාපදිංචි කර නොමැති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරුපැදි නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීම සදහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරටට ගෙන්වා එකළස් කළ හා එන්ජින් ධාරිතාවය 450 සිට ඉහළ යතුරුපැදි සඳහා නිසි ලියාපදිංචියක් සිදුකර භාවිත කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඉල්ලා ස්පීඩ් රයිඩර්ස් සංවිධානය සහ ක්‍රීඩා සමාජ විසින් කරන ලද ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වනවා.