hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 මාර්තු 15, ප.ව. 3:49


වැඩ ඉවර වෙලා ගෙදර යන්න කෝච්චි නැති වෙයිද? දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය 4 ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2 ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රියක් ධාවනය වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවා.

ප්‍රධාන මාර්ගයේ

කොළඹ කොටුවෙන් පස්වරු 2.25ට රඹුක්කන දක්වා

කොළඹ කොටුවෙන් පස්වරු 5.10ට මහනුවර දක්වා

කොළඹ කොටුවෙන් පස්වරු 4.40 ට ගනේවත්ත දක්වා

කොළඹ කොටුවෙන් පස්වරු 6.00ට මහව දක්වා ප්‍රධාන මාර්ගයේ එම දුම්රිය පිටත්වීමට නියමිතය.

වෙරළබඩ මාර්ගයේ

මරදානේ සිට පස්වරු 5.00 ට බෙලිඅත්ත දක්වා (සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය)

මරදානේ සිට පස්වරු 5.25 ට ගාල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

පුත්තලම මාර්ගයේ

කොළඹ කොටුවේ සිට පස්වරු 4.30 ට හලාවත දක්වා

කොළඹ කොටුවේ සිට පස්වරු 5.30 ට හලාවත දක්වා දුම්රිය පිටත්වීමට නියමිතය.

කැලණිවැලි මාර්ගයේ 

කොළඹ කොටුවේ සිට පස්වරු 5.00 ට අවිස්සාවේල්ල දක්වා දුම්රියක් ධාවනය කිරීමට නියමිතය.